සාරාංශයඃ ශ්‍රී ලංකාව නැමති රමණීය දේශය ඉන්දියානු සමූද්‍රයේ ඉන්දියානු අර්ධද්වීපයට පහලින් පිහිටි සොබා සෞන්දර්ය්‍යෙන් ගහන වූ දිවයිනකි.

රන් වැල්ලෙන් වැසීගිය මුහුදු වෙරළ හා මීදුමින් නැහැවුනු නිල් කඳුයායන්… ශ්‍රී ලංකාවටම ආවේණික සත්ව, ශාක සහ මල් විශේෂයන් එහි සුවය අත්විඳින සෑම අයෙකුහටම නොමියන චමත්කාර මතකයන් ගෙනදෙන බව නොරහසකි.

සියවස් ගණතක සිට මිහිපිට පාරාදීසයයැයි විරුදාවලි ලත් මේ පුණ්‍ය දේශය ඒ පිට පය තිබූ සියල්ලන්හටම ඇගේ ආදරයේ උණුසුම නොමඳව දායාද කළාය. ආගන්තුක සත්කාරයෙන් ලෝකයේ රටවලින් පළමු තැනටම පැමිණෙන ශ්‍රී ලංකා ද්වීපය, සහෝදරත්වයෙන් එකිනකා හඳුනන ප්‍රධාන කොට සිංහළ - දෙමළ - මුස්ලිම් සහ තවත් කිහිප ජාතීකයන්ගේ සංකලණයකි. වසර 2500කට පැරණි ග්‍රන්ථ ගත පෞඬ අතීතයකට හිමිකම් ඇති මේ දේශය,එම අතීතයේ රාජධාණි සහ අනෙකුත් නටඹුන් මානව ශිෂ්ටාචාරයේ ආගමනය හා වර්ධනය මතු පරපුරවෙත කියාදෙන්නට හොඳින් ආරක්ෂා කොටගෙන ඇත.

ආර්ථිකය: නැගෙනහිර ලෝකය බටහිරෙන් වෙන් කරනා සංධිස්ථානයේ පිහිටි ලංකාද්වීපය දකුණුදිග ආසියාවේ සංවර්ධණය වෙමින් පවත්නා රටකි. ප්‍රධාන කොට කෟෂි ආර්ථීකයකට උරුමකම් කියනා ශ්‍රී ලංකාව හොඳින් වර්ධනයවු අපනයන ක්ෂේත්‍රයකටද හමිකම් කියයි.

ප්‍රධාන අපනයන ආදායම් මාර්ග ලෙස තේ,පොල්,රබර් සහ නීමි ඇඳුම් හඳුන්වා දිය හැක. ලෝක සංචාරක සිතියමේ විශේෂ ස්ථානයක් උසුලන ශ්‍රී ලංකාව එම කර්මාන්තය සමගම දියුණුවී ඇති තරු හෝටල් මෙන්ම විනෝදාශ්වාද ක්‍රීඩා වන කිමිදීම, රළ පැදීම වැනි ක්‍රීඩා ගණනාවකට උරුම කියයි.

සංස්කෟතීක උරුමයන්: 2500 වසරක අතීතයක් උරුම ලාංකීය සංස්කෟතිය එහි මහේශාක්‍ය නටඹුන් වලින් වාසළව පවති. අතීත යුගයන්වල රාජධානි නගර වන පොළොන්නරු,අනුරාධපුරය සහ නුවර වැනි නගර වලින්ද,ශතක ගණනාවක් පුරා තවමත් බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේ පුද පූජා සහ ගෞරවාදරට පත් සිරිපාදය,කතරගම සහ දඹුළු විහාරය වැනි භූමීන් වන්දනාකරුවන් සහ සංචාරකයන්ගේ සිත් තවමත් මෙත් සිසිළෙන් පහන් කරවයි.






english version
ගරු.මහින්ද රාජපක්ෂ
ගරු.ආචාර්ය මර්වින් සිල්වා
ෆ්ලෑෂ් ප්ලේයරය ලබාගන්න